පද්ධතිය
එකිනෙකට
සම්බන්ධිත හා එකිනෙක මත යැපෙන සංරචකයන්ගෙන් (ආයතන, සාධක, සාමාජිකයන්, කොටස් ආදිය) සමන්විත, අරමුණු සහිත ව්‍යුහයක්
පද්ධතියක් ලෙස හැඳින්වේ.
අදාළ ඉලක්කය
සපුරා ගැනීම සඳහා මෙම සංරචක එකිනෙකාට (සෘජුව හෝ වක්‍රව) සහයෝගයෙන් පද්ධතියේ
පැවැත්ම පවත්වා ගැනීමට අඛණ්ඩව ක්‍රියා කරයි.
සාමාන්‍ය
ජීවිතයේදී අපට දක්නට ලැබෙන බොහෝමයක් පද්ධතිවේ. නිවසේ ජල නළ පද්ධතිය, විදුලි පද්ධතිය,
බැංකු පද්ධතිය මේ සඳහා
උදාහරණ වේ.
ක්‍රියාකාරකම 01
මෙවැනි පද්ධති
කිහිපයක් සඳහන් කරන්න.
පරිගණකය
පරිගණකය තනිව
ගත් කළ පද්ධතියක් ලෙස සැලකිය හැකිය.
පරිගණකය
පද්ධතියක් වන්නේ කෙසේද?
පරිගණකය
විසින් අප විසින් ලබාදෙන දත්ත සකස් කර ගබඩා කර ගන්නා අතරම අපට අවශ්‍ය විට අවශ්‍ය
ආකාරයට ලබාදෙයි.
මෙම ක්‍රියාවලියේදී
පරිගණකය විසින් සිදුකරන ප්‍රධාන ක්‍රියාවන් කිහිපයකි. එනම්,
- දත්ත ලබාගැනීම (Input data).
- දත්ත සකස් කිරීම (Process data).
- දත්ත ගබඩා කිරීම (Storage).
- තොරතුරු පිටතට ලබාදීම (Output Information).
මෙම ක්‍රියාවන්
සිදුකිරීම සඳහා පරිගණකය,
- ආදාන උපාංග (Input Devices) - දත්ත ලබාගැනීමට
- මධ්‍ය සැකසුම් ඒකකය (Central Processing Unit) – දත්ත සකස් කිරීමට
- ආචයන උපාංග (Storage Devices) - දත්ත හා තොරතුරු ගබඩා කිරීමට
- ප්‍රතිදාන උපාංග (Output Devices) - තොරතුරු පිටතට ලබාදීමට
උපයෝගී කරගනී.
මේ ආකාරයට ගත් කළ පරිගණකය යනු උපාංග ගණනාවක එකතුවකි.
එබැවින්
පරිගණකය පද්ධතියක් ලෙස සැලකේ.
තවත්
ආකාරයකින් ගත් කළ පරිගණකය වර්තමානයේ දක්නට ලැබෙන පද්ධතිවල සංරචකයක්ද වේ.
බැංකු පද්ධතිය
මේ සඳහා හොඳම නිදසුනකි. එමෙන්ම බොහෝ ආයතනවල පරිගණකය ප්‍රධාන උපාංගයක් වන අතර
එබැවින් ඒ සෑම පද්ධතියකම පරිගණකය සංරචකයක් ලෙස ක්‍රියා කරයි.
ඉහත රූපයෙන්
දැක්වෙන්නේ බැංකුවක් තුළ සිදුවන මූලික ක්‍රියාකාරකමකි. මෙහිදී මුදල් තැන්පත්
කිරීමේදී මෙන්ම මුදල් ආපසු ගැනීමේදී ද පරිගණකය උපයෝගී කරගන්නවා ඔබ දැක ඇත. එබැවින්
පරිගණකය බැංකු පද්ධතිය තුළ සංරචකයක් ලෙස දැක්විය හැකිය.
පරිගණකය
පද්ධතියක් වශයෙන් අප විසින් හඳුනා ගත්තෙමු. එසේ නම් පරිගණක පද්ධතියක් තුළ අඩංගු වන
සංරචක මොනවාදැයි බලමු.
දෘඩාංග (Hardware)
දෘඩාංග යනු
පරිගණකයේ ඇති භෞතිකමය කොටස්ය.
- යතුරු පුවරුව (Keyboard)
- මූසිකය (Mouse)
- තිරය (Monitor)
- ස්පීකර්ස් (Speakers)
- මයික්‍රොෆෝනය (Microphone)
ආදී වශයෙන්
දෘඩාංග විශාල ප්‍රමාණයක් පවතී. මේවා කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය.
ආදාන උපාංග (Input Devices)
බාහිර ලෝකයේ
සිට පරිගණකය තුළට දත්ත, තොරතුරු හා
විධාන ඇතුළත් කිරීම ආදානය වශයෙන් හඳුන්වයි. ඒ සඳහා භාවිතා කරන උපාංග ආදාන උපාංග (Input
Devices) ලෙස හැඳින්
වේ.
මෙවැනි උපාංග
අතිවිශාල ප්‍රමාණයක් ඇත. එ්වා අතරින් අපට එදිනෙදා ජීවිතයේදී දක්නට ලැබෙන ආදාන
උපාංග කිහිපයක් පිළිබඳව විමසා බලමු.
මූසිකය (Mouse)
පරිගණකයේ ඇති
ප්‍රධාන මෙන්ම මූලික ආදාන උපාංගයක් වන්නේ මූසිකයයි. පරිගණක තිරයේ තිබෙන ඊ හිස (Mouse
Pointer) පාලනය කරනු ලබන්නේ
මූසිකය (Mouse) මගිනි.
වර්තමානයේ
රැහැන් සහිත මුසික, රැහැන් රහිත මුසික සහ
ස්පර්ශ තල වශයෙන් මූසික වර්ග කිහිපයක් දැකිය හැකිය.
යතුරු පුවරුව (Keyboard)
පරිගණකයේ
අනෙක් ප්‍රධානම ආදාන උපාංගය වන යතුරු පුවරුව ද ආකාර කිහිපයකින් දැකිය හැකිවේ.
එනම් රැහැන්
සහිත යතුරු පුවරුව, රැහැන් රහිත
යතුරු පුවරුව සහ ස්පර්ශක යතුරු පුවරුව ලෙසය.
පහතින්
දැක්වෙන්නේ පරිගණකයට සම්බන්ධ කළ හැකි වෙනත් ආදාන උපාංග (Input Devices) කිහිපයකි.
ජෝයි ස්ටික් (Joy Stick)
මෙය බහුල
වශයෙන් භාවිතා කරන්නේ පරිගණක ක්‍රීඩා සඳහාය.
ලයිට් පෙන්/ ස්ටයිලස් (Light pen/ Stylus)
පරිගණක තිරය
මත හෝ ඒ සඳහා වෙන්වූ තලයක් මත මෙම උපකරණය භාවිතයෙන් ලිවීමට හා ඇඳීමට හැකිය. පරිගණක
ආශ්‍රිත නිර්මාණකරණය, චිත්‍ර ඇඳීම
ආදිය සඳහා භාවිතා කරයි.
ට්‍රැකර් බෝල් (Track Ball)
ස්කෑනරය (Scanner)
වෙබ් කැමරාව (Webcam)
අන්තර් ජාලය
ඔස්සේ වීඩියෝ සංවාද පැවැත් වීමේදී මෙය බහුලව භාවිතා කරයි. මෙය කැමරාවකි. කැමරාව
ඉදිරියේ සිටින පුද්ගලයාගේ රූපය අනෙක් පස සිටින කෙනාට සජීවීව දර්ශණය වේ.
ස්පර්ශ තිරය (Touchscreen)
Tablet Computer හා Smart
Phone වල දැකිය හැකි අතින්
ස්පර්ෂ කිරීමෙන් මෙහෙය විය හැකි තිරය මේ නමින් හැඳින් වේ.
වර්තමානයේ Laptop
Computer හා Desktop
computer සඳහා ද මේවා
භාවිතා වේ.
මයික්‍රෆෝනය (Microphone)
කටහඬ පරිගණකය
තුළට ගැනීම සඳහා මෙය භාවිතා කරයි. පරිගණකය ඔස්සේ සංවාද පැවැත් වීමේදී මෙය බහුලව
භාවිතා වේ.
තීරු කේත කියවනය (Bar Code Reader)
ප්‍රතිදාන උපාංග (Output Devices)
පරිගණකයෙන්
තොරතුරු පිටතට ලබාගැනීම ප්‍රතිදානය (Output) නම් වේ. මෙම ක්‍රියාව සඳහා උපයෝගී කරගන්නා
උපාංග ප්‍රතිදාන උපාංග (Output Devices) යනුවෙන් හඳුන්වයි.
පරිගණක තිරය (Computer Monitor)
පරිගණකයේ ප්‍රධාන
ප්‍රතිදාන උපාංගය වන්නේ පරිගණක තිරයයි.
එහි දක්නට ලැබෙන දර්ශණය, මෘදු පිටපත (Soft
copy) යනුවෙන් හඳුන්වයි.
මුද්‍රණ යන්ත්‍රය (Printer)
පරිගණකය ඔස්සේ
සිදුකරන කාර්යයන්ගේ පිටපතක් කඩදාසියක් මතට ලබාගැනීම සඳහා මුද්‍රණ යන්ත්‍රය භාවිතා
කරයි. එය හඳුන්වන්නේ දෘඩ පිටපත (Hard Copy) යනුවෙනි.
ශබ්ද විකාශක (Speaker)
බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය (Multimedia Projector)
ඉහත සටහන Download කර ගැනීම සඳහා
Comments
Post a Comment